
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යයි සැක පිට ඊයේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. මොහු සිය ජංගම දුරකථනයෙන් ෆේස්බුක් සජීවී විකාශයක් සක්‍රීය කරගෙන ඉම්රාන් කාන් ගමන් ගනිමින් සිටි රථවාහන පෙළ වීඩියෝගත කරමින් සිටි බව පැවසේ.
සැකකරු පෞද්ගලික අංශයේ යාන්ත්‍රික (මිකැනිකල්) සේවකයෙකු බව අනාවරණය වී ඇති අතර ඔහු කොළඹ පදිංචිකරුවෙකු ලෙසද හඳුනාගෙන තිබේ.
මෙම හැසිරීම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval