global-food-price-hike

අද වනවිට ගෝලීය ආහාර මිල වසර 6කට පසුව වාර්තා වන ඉහළම අගයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය අනාවරණය කරයි. 

පසුගිය ජනවාරි මාසයේ දත්ත අනුවද ගෝලීය ආහාර මිල ඉහළ ගොස් ඇති අතර, එය පිටපිට 8 වැනි මාසයටත් මිල ඉහළ යාමක්  ලෙස සඳහන් වෙයි. එම සංවිධානය පෙන්වාදෙන ආකාරයට ජනවාරි මාසයේදී ගෝලීය ආහාර දශකය පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.3ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.


ඒ අනුව මෙය 2014 වසරේ ජුලි මාසයෙන් පසුව ගෝලීය ආහාර මිලෙහි වාර්තා වූ ඉහළම අගය ලෙසද සැලකෙයි. මෙම දශකය මගින් ආහාර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මිල ගණන්වල මාසික වෙනස් වීම් පිළිබදව දත්ත රැස් කරයි.  මෙහිදී බඩ ඉරිඟු මිල ගණන් දෙසැම්බර් මාසයට සාපේක්ෂව 11.2%ක  ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 42.3%කින් ඉහළ ගොස් ඇත.

එසේම තිරිඟු පිටි මිල ගණන්ද 6.8%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.


එසේම ජනවාරි මාසයේදී එළවලු තෙල් අලෙවි කෙරී ඇත්තේ දෙසැම්බර් මාසයට වඩා 5.8% ක ප‍්‍රතිශතයක ඉහළ මිලකිනි. එය2020 මැයි මාසයෙන් පසුව වාර්තා වී ඇති ඉහළම එළවලු තෙල් මිල ගණන්ද වෙයි. සීනි දෙසැම්බර් මාසයට සාපේක්ෂව  8.1% ක ප්‍රතිශතයකින් ඉහළ   ගොස් ඇත. කිරි මිල ගණන්ද දෙසැම්බර් මාසයට සාපේක්ෂව 1.6% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. එසේම මාංශ මිල ගණන්ද දෙසැම්බර් මාසයට සාපේක්ෂව  1.0% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.