USA UN Human Rights

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය යළිත් ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තිරණය කර ඇතැයි වාර්තා වෙයි. එරට නව ජනපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ මෙම නිරණය ගෙන තිබේ.  


හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ගන්නාලද නීරණයකට අනුව දැනට වසර තුනකට පෙරාතුව එක්සත් ජනපදය මෙම කවුන්සිලයෙන් ඉවත්කර ගැනුණි. නව ජනපති බයිඩන් සිය ධුරයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනපතිවරයා ගත් තීරණ ආපසු හැරවීමේ පියවර යටතේ මෙම තීරණය ගෙන තිබේ.




මේ සම්බන්ධයෙන් එම කවුන්සිලයේ ඉහළ සාමාජිකයන් අතර පසුගියදා ජිනීවා නුවරදි විශේෂිත සාකච්ඡාවක්ද පවත්වා තිබේ. මෙම තීරණය පිළිබඳව  අදහස් දක්වා ඇති එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇත්තනි බ්ලින්කෙන්, "නව ජනපති බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම්  කවුන්සිලයන් සමග යළිත් සබඳතා ඇති කරගැනීමට  හැකි කටයුතු ඉක්මනින්ම සිදුකරන ලෙස අපගේ දෙපාර්තමේත්තුවට අණ කළා" යනුවෙන් පවසා ඇත.


මෙම මානව හිමිකම් කවුන්සිලය සාමාජික රාජ්‍යයන් 47කින් සමන්විත වෙයි. 2018 වසරේ ජුනි මාසයේදී හිටපු ජනපති ට්‍රම්ප් විසින් එරට මෙම කවුන්සිලයෙන් ඉවත්කර ගත්තේය. කෙසේ වෙතත් නැවතත් එරටට සාමාජිකත්වය හිමිවිම  ක්ෂණිකව සිදුවන්නක් නොවන අතර, මේ වසර අවසානයේදී ඒ සඳහා වන ඡන්ද විමසිමක්ද පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව නැවතත් එක්සත් ජනපදයට එම කවුන්සිලයේ ආසනය හිමි වන්නේ ලබන 2022 වසරේදී සිටි බවත් සඳහන් වෙයි.