tokyo-olympics-2021

මෙම වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී 'හග්ස්' (වැළඳ ගැනීම්) සහ 'හයි ෆයිව්" (සැමරීමේ ක්‍රමයකි) තහනම් කිරීමට ටෝකියෝ ඔලිම්පික් තරග සංවිධායකයන් පියවර ගෙන තිබේ.  එමෙන්ම ඊට සමගාමීව පිටු 33කින් යුත් මලල ක්‍රීඩා නීති පොත එළි දැක්වීමටද පියවර ගෙන ඇති අතර, මෙමගින් ක්‍රීඩා තරග ආරක්ෂිතව ඉදිරියට ගෙන යා හැකි බව සහතික කර තිබේ. මෙහිදී මෙම නීති කඩ කළහොත් ඔවුන්ට දැඩි විනය පියවර ගැනීමටද ඔලිම්පික් තරග සංවිධායකයන් සැලසුම් කර ඇත.




ඔලිම්පික් තරග සංවිධායකයන් පිටු 33කින් යුත් මලල ක්‍රීඩා නීති පොත එළි දැක්වීම පෙරේදා (09දා) සිදු කළේය. මෙම මාර්ගෝපදේශ යටතේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් දින හතරකට වරක්වත් වෛරසය සඳහා පරික්ෂාවට ලක් කරන අතර, ඔවුන්ට එමගින් කෝවිඩ් -19 ධනාත්මක බවට තහවුරු නොවන තෙක් තරග කිර්ම වැළැක්වීමට පියවර ගෙන ඇත.  ජපානයේ කෝවිඩ් -19 ආසාදන අවදානම අවම කිරීම සඳහා ඔලිම්පික් ගම්මානයේ රැදී සිටින අය අනවශ්‍ය ශාරීක සම්බන්ධතා පැවැත්වීම වළක්වා ගැනීමටද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.


සංවිධායකයන් පෙරේදා ඒ.එෆ්.පී. වෙත පවසා සිටියේ තමන්  උපත් පාලන කොපු 150,000ක් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා  දීමට සැලසුම් කර ඇති අතර,

නව නීති පොත අනුව ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් වෙනත් පුද්ගලයන් සමග ඔබේ සම්බන්ධතාව සීමා කරන ලෙසයි.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශ එළඹෙන අප්‍රේල් මාසයේදී සහ ජුනි මාසයේදී නැවත සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර ජපානයේ පුහුණු කඳවුරුවලට සහභාගි වීමට අවසර ලබාදීමට නියමිතය.


ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පීම්, සංචාරක ප්‍රදේශ, සාප්පු, ආපන ශාලා හෝ බාර් වෙත යැම තහනම් කර ඇති අතර නිල ක්‍රීඩා ස්ථාන සහ සීමිත අතිරේක ස්ථානවලට පමණක් යෑමේ අවස්ථාව හිමි කරදී තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කරන විට, පුහුණු වීමේදී, ආහාර ගැනීමේදී, නිදා ගැනීමේදී හෝ එළීමහන්නේ පිටත සිටින විට සෑම  විටම 'මාස්ක්” (මුහුණු ආවරණ) පැලඳ සිටිය යුතු බව මෙමගින්  උපදෙස් සපයා ඇත. ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරේ ජූලි මස 23 වැනි දින ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතය.

 පැතුම් ශ්‍රී විජේරත්න-