
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ වෙළෙඳසල් ආපනශාලා, හෝටල් රාත්‍රී කාලයේ පරික්ෂාවට ලක් කිරීමේ වැඩසටහන යටතේ සිදුකළ වැටලීම්වලදී මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය, සිදුකළ ස්ථාන 20 ක් වටලා අලෙවියට තබා තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ඒ ඒ ස්ථානවලදීම විනාශ කිරිමට කටයුතු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. මෙම කොවිඩ් සමයේ ඇතැම් හෝටල්,
වෙළඳසල්වල මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය හා අලෙවිය සිදුකරන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත නිතර ලැබෙන පාරිභෝගික පැමිණිලි මත රාත්‍රී කාලයේ මෙම වැටලීම් දෙහිවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික කුලවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන වසන්ත පුෂ්පකුමාර, ඩබ්.කේ. ජයසිංහ, අමිල සම්පත්, කේ.සී.ආර්. කෞශල්‍ය, යූ.කේ. සමන්කුමාර, ඩබ්ලිව්.ඩී.සී.රුක්ෂාන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහායක කුමාර අසංග, එස්. විජේසිරි යන නිලධාරිහු සිදු කළහ.සමහර හෝටල් ඉතාමත් අපිරිසිදුව මුලුතැන්ගෙය ආහාර පිසීම කරන ස්ථාන අසල කසළ මලු ගණන් තබා තිබූ අතර, සමහර ආහාර ද්‍රව්‍යවල පනුවන් පවා සිට ඇති බවත්, කුණු වුන පලතුරු පවා අලෙවියට තබා තිබූ අතර,
ආහාර පිසින ඇලුමිනියම් භාජන තැලී පොඩිවී පලුදුවී තිබූ බවත්, අයිස්ක්‍රීම් කෑන්, යෝගට් ඇතුළු කෑමවර්ග මස් මාලු සමග එකට ගබඩාකර තිබූ අතර, ඒ අනුව එවැනි ආපනශාලාවලට අවසන් නිවේදන නිකුත්කර එවැනි අඩුපාඩු හරිහැටි නිවැරදිකර නැවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කීය.
(දෙහිවල එච්.එම්. ධර්මපාල)
Comments
Post a Comment
Your comment will be visible after approval