නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීම සිඩ්නි නුවරදී ඊයේ (21) ආරම්භ විය. ඕස්ට්‍රේලියානුවන්ට ලබාදෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ 'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ එන්නත ය.



එන්නත පළමුවෙන් ලබා ගත්තේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ය. අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගන්නා අයුරු සජීවීව එරට පුවත් නාළිකා ඔස්සේ විකාශය විය. තමන් පළමුවෙන් එන්නත ලබා ගත්තේ එය ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට යැයි ඕස්ටේ‍්‍රලියානු අග්‍රාමාත්‍යවරයා පැවැසීය.අග්‍රාමාත්‍යවරයාට අමතරව, දෙවැනි ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් 84 හැවිරිදි කාන්තාවක වන ජේන් මැලිසියැක් ද ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වන පෝල් කෙලී ද ඊයේ එන්නත ලබා ගත්හ. මොවුන් එන්නත ගත කළේ සිඩ්නි නුවර

වෛද්‍ය මධ්‍යස්ථානයකදීය.මේ අතර, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් 'එපා' කියමින්, ඊට විරෝධය දක්වමින්, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ද පැවැත්වෙයි. ඕස්ට්‍රේලියානු වැසියන්ට එන්නත ලබාදීම අද (22) සිට ආරම්භ වන අතර, සෞඛ්‍ය ස්ත්‍රයේ සාමාජිකයන්ට පළමුවෙන් එන්තත ලැබෙන බව රජය පවසා තිබේ.ප්‍රතිශක්තිකරණ එන්නත් අනාරක්ෂිත බවත්, එන්නත්කරණ වැඩසටහන ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවත් පෙන්වා දෙමින් සිඩ්නි, බ්‍රිස්බේන් සහ කැන්බරා යන නගරවල විරෝධතා පැවැත්විණි. එන්නත ලබා ගන්නැයි කිසිවකුටචත් බල කළ නොහැකි බවත්, කැමැති අයට පමණක් එය ලබා ගැනීමට ඉඩ දිය යුතු බවත් විරෝධතාවලට එක්වුණු ඕට්‍රේලියානුවෝ හඬ නැගුහ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර, කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වෙයි. ඕට්‍රේලියානුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ "ෆයිසර්" ආයතනය සහ ජර්මනියේ "බයෝනැක්"ආයතනය එක් වී නිපදවූ "කොඩිව් - 19 " එන්නතය.මෙතෙක් නිපදවා ඇති එන්නත් අතරින් වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පැවැසෙන්නේ මෙම 'ෆයිසර්' එන්නතය.



මීට අමතරව ලබන මාර්තු මාසයේ සිට "ඔක්ස්ෆර්ඩ්" එන්නතත් ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඇණවුම් කර තිබෙන බව එරට ප්‍රකාශ කර ඇත.'කොවිච් 19' ගෝලීය වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව එන්නත් නිපදවීම සිදුවූයේ ඉතා කඩිනමිනි. ඒ, වයිරසය හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීමටය. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා එය ආරක්ෂිතදැයි අත්හදා බලා වෙළෙඳපොළට නිකුත් කිරීමට නම් වසර 15 ක් හෝ 20 ක් පමණ ගතවන බව පැවැසෙයි..

වසරක් ගතවීමටත් පෙර නිපවූ එන්නත් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් බොහොමයක වැසියන් තුළ අනියත බියක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. ඊට අමතරව, එන්නත් ලබා ගත් ඇතැමුන් සංකූලතා පෙන්නුම් කිරීම සහ මරණයට පත්වීම පිළිබඳව නන්දෙසින් වාර්තා වෙයි. ඔට්‍රේලියානුවන් බියට පත් වී ඇත්තේ මේ නිසා යැයි එරට මාධ්‍ය වාර්තතා පෙන්වා දෙයි.'කොවිච් 19' මර්දනයට නිපදවා ඇති සෑම එන්නතම මාත්‍රා දෙකකින් සමන්විත වන අතර නියමිත සති ගණනට පසු දෙවැනි මාත්‍රාව ලබාගෙන සති කීපයක් යද්දී, සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වෙයි.