කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා දැනට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක
අංශවලටත් දෙනු ලබන එන්නත ලබාදීමෙන් පසු දරුණු සංකූලතා ඇතිවුවහොත් වහාම අවශ්‍ය හදිසි
ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට මෙම එන්නත දීමෙන් පසු විසිපස් දෙනෙකුට
පමණ සංකූලතා ඇති වූ බව වාර්තා වී ඇතැයි ද එය දරුණු අසාත්මික තත්ත්වයක් නොවන බව වෛද්‍ය හරිත
අලුත්ගේ සඳහන් කරයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආවේක්ෂණ ක්‍රියාවලිය යටතේ වසංගත රෝග විද්‍යා අංශය විසින් විමර්ශනයක්
කරනු ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මෙවැනි සිදුවීම් සාමාන්‍ය මානසික තත්ත්වයන් යටතේ ඇතිවීමට වැඩි ඉඩක් පවතින බව පෙන්වා දෙන
වෛද්‍ය හරිත අලුත්ගේ රෝහලේ 2600කට පමණ මෙම එන්නත දී ඇති අතර රෝහලට පැමිණිල්ලක් කරන
තරමට දරුණු සංකූලතා ඇතිවී නොමැති බවට වාර්තා වන බව ද සඳහන් කරයි.

එන්නත ලබාගැනීමෙන් පසු විසිපස් දෙනකුට පමණ සුළු අසාත්මිකතාවන් ඇති වී තිබෙන අතර එම පිරිසට
බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

ජේ.ටී. ද සිල්වා