කුරුණගල ශික්ෂණ රෝහල ඇතුළු ආයතන රැසකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ  කොන්ත්‍රාත්තුව භාරව සිටි පුද්ගලයා කුරුණෑගල - මීගමුව මාර්ගයේ ගල්වල ප්‍රදේශයේ නිවසක ඉදිරිපස කොටසේ මිදුලේ සැක කටයුතු ආකාරයට  සම්පුර්ණයෙන්ම පිලිස්සී මිය ගොස් සිටියදී පෙරේදා (03දා) අලුයම සොයාගත් බව බව කුරුණගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කොන්ත්‍රාත්කරුවෙකු ලෙස රැකියාවක් කරමින් සිටි අනුරාධපුර සාලියපුර තෙප්පකුලමේ පදිංචිව සිටි  ද
ෙදරු පියෙකු වන බණ්ඩාරනායක  මුදියන්සේලාගේ ප්‍රසංග ජයරුවන් (අවු.48) නමැත්තෙකි.


මෙම පුද්ගලයා ගලහ බවුලානවත්ත ජනපදයේ පදිංචි තවත් පුද්ගලයෙකු සමග එක්ව ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව පවත්වාගෙන ගොස් ඇති බවත්,  පෙරේදා (03දා) අලුයම කුලියට ගත්  නිවසේ නිදාගැනීමෙන් අනතුරුව මෙසේ පිලිස්සීමට ලක්ව මරණයට පත්ව ඇති අතර, සම්පූර්ණයෙන්ම පිලිස්සීමෙන් එම පුද්ගලයාගේ සිරුරේ ඇටකටු පමණක් ඉතිරිව ඇති බවද එම ස්ථානයේ තිබී ටයරයක් හමුවූ බවද පරීක්ෂණවලදී  අනාවරණය විය. සිද්ධිය වූ ස්ථානය අසල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක පටිගතව තිබූ දර්ශන පරීක්ෂා කිරීමේදී එම නිවස ඉදිරිපසින් එක්වරම විශාල ගිනි ජාලාවක් මතුවන ආකාරය සටහන්ව තිබේ.  මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද  නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාර්ණ විමර්ශන ආරම්භ කර ඇත.  


-ගීතාංජලී ප්‍රියදර්ශනී-