docter gayan father

රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එක්මෝ (ECMO) යන්ත්‍ර අඩුවීමෙන් ජීවිත රැසක් බේරාගැනීමේ තිබූ අවස්ථා අහිමි වී ගිය බවත්, ඒ අඩුපාඩු නිරාකරණය කරගැනීම සදහා සොඛ්‍ය ක්‍ෂේත්‍රයට අවැසි මෙවැනි උපකරණ ලබාගැනීම සඳහා තමන් ඉදිරියට පැමිණෙන බවත් වෛද්‍ය ඩී.වයි. සරණතිලක මහතා පැවසීය.  පසුගියදා කෝවිඩ් ආසාදිතව මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාට පින් පැමිණවීම සදහා පෙරේදා (07) පොල්පිතිමුකලාන  අසෝකාරාම  විහාරයේ විහාරවාසී පොල්පිතිමුකලානේ පඤ්ඤසිරි හිමියන් ප්‍රධානත්වයෙන් පැවැති පින්කමකදී   ගයාන් දන්තනාරායන මහතාගේ පියාණන් වන රාගම සුවසර රෝහලේ නිර්මාතෘ වෛද්‍ය ඩි.වයි.  සරණතිලක මහතා පැවසීය.   එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සරණාතිලක මහතා.




"මගේ පුතාගේ ජිවිතය නැති  වුණායින් පස්සේ තමයි එක්මෝ (ECMO) යන්ත්‍ර නැති කතාව එළියට ආවේ. ඒ වෙනකම් මේක  හැංගිලා තිබ්බේ. එක්මෝ (ECMO) යන්ත්‍රයක් හා  (ECMO)  සෙන්ටස් හදාගන්න එක ඉදිරියේදී හෝ කළ  යුතුයි. ලංකාවේ ක්‍රියාත්මක වෙන මෙම යන්ත්‍ර එකක් පමණයි තියෙන්නේ ඒ සම්බන්ධව දන්න එක වෛද්‍යවරියයි  ඉන්නේ මම එතුමිය සමග සාකච්ඡා කරා මේ වගේ යන්ත්‍රයක් අපේ රෝහල්වල ස්ථාපිත කරනවා නම් කළ යුතු කාරණා සම්බන්ධයෙන් උපදෙස් ගත්තා.


මගේ පුතා මට වටිනව වගේ දුප්පත් තාත්තෙකුට අම්මෙකුට ඒ පුතාව වටිනවා. මේ වගේ රෝගියෙක් බේරගන්න ඒවගේ වෙලාවක එක්මෝ (ECHO) යන්ත්‍රයක් වෙලාවට තියෙනවනම් අපේ රටේ සම්පත්  රැකගන්න පුළුවන්.

මෙයින් කියන්නේ නෑ මේ එක්මෝ (ECMO) යන්ත්‍රය  අවශ්‍ය වෙන්නෙ කෝවිඩ් ආසාද්‍ය අවස්ථාවේදී ගන්න යන්ත්‍රයක් කියලා. ඉතාමත් සරල වශයෙන් කියනවනම් ගැබිනි මාතාවක් දරුවෙකු බිහිකරන අවස්ථාවේදී (MECONIUN ASPIRATION) දරුවන් බේරාගැනීමටද මී උණ වැලදුණු අයගේ පෙනහැළිවලට ලේ  ගැලීම් අවස්ථාවේදි ද දියේ ගිලුණ මිනිසුන්ද එලෙසම ඇමෝනියා ක්ලෝරින් වැනි කෙමිකල් වර්ග භාවිතා කරන අවස්ථාත්වෙදී හුස්ම  ගැනීමට අපහසුතාවක් ඇතිවුවහොත් එක්මෝ (ECMO) යන්ත්‍රයක් තිබේනම් දින කිහිපයකින් එම රෝගියාව සුව කරගැනීමේ හැකියාව තිබෙනවා.


අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (ECMO) යන්ත්‍ර නොමැතිකමේ අඩුපාඩු රැසක් දැක්ක නිසා මම ජනතාවට පොරොන්දුවක් වුණා  වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අඩුපාඩු හදාගන්න , රජයටත්, සොබ්‍යටත් උදවු කරන්න. අපේ රටේ (ECMO) යන්ත්‍ර  දෙකක් තියෙනවා. අපේ අවාසනාවට දෙකෙන් එනයි වැඩ කරන්නෙ. ඉන්  කොළඹ තිබෙන යන්ත්‍රය ක්‍රියා කරන්නෙ නෑ, මෙය ඉතාමත් අවාසනාවන්ත  තත්වයක්. ඒ නිසා මම මාධ්‍යවලින් , ෆේස් බුක් හරහා ෂෝසල් මීඩියා හරහා  එක්මෝ (ECMO) යන්ත්‍ර කිහිපයක් මෙරට රෝහල් කිහිපයක හෝ ස්ථාපිත  කිරීම සඳහා මිලදි ගැනිමටඋදවු  වන ලෙස මා කළ ඉල්ලීමට විශාල  ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.”


 -චමිල් රූපසිංහ-