
දිවයිනේ සියලු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අද (09) සවස නිවේදනයක් නිකුත් කර ඇත. තරමක අපැහැදිලි කරුණු සහිත එම නිවේදනය ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇතත් තවම සෞඛ්‍ය අංශ මගින් ඊට අවසරය හිමි කරදී නැත.
අධ්‍යාපන අමාත්‍යංශය ලබාගෙන ඇති තීරණය ලෙස දක්වා ඇත්තේ ලබන පෙබරවාරි 15 (තවත් දින 06 කින්) පාසල් 80 ක් හැර දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කරන බවයි. එසේ විවෘත නොවන පාසල් 80 කොළඹ දිස්ත්‍රික්කයේ ඒවා වන අතර එම පාසල් මොනවාදැයි නිවේදනය කර නැත. එම පාසල් 80 ත් තවත් මාසයකින් මාර්තු 15 වනවිට විවෘත කරන්නට හැකිවනු ඇති බව නිවේදනයේ දැක්වේ.
අදාළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval