japan-covid19

මහා බ්‍රිතාන්‍යයන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේද හා සමාන වෙනම ආකාරයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි. 

කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු ඊයේ (21) වනවිට හමුවුණු බව ද පැවැසෙයි. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් වයිරස විකෘතිය ආසාදනය වූවන් 151 දෙනකු ද ජපානයෙන් හමුවී ඇති බව ද වාර්තා වේ.ජපානය ද එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇති අතර, ජපන් රජය එරට වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ "ෆයිසර්" එන්නතය.

 ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී. )