
විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තිදෙනකු අද හෙටම ආණ්ඩුවට එක්වෙනවා. එවිට විපක්‍ෂය දැනට කරන බොරු සද්ද සියල්ලම ඇනහිටිනවා යැයි බන්ධනාගාර කළමනාකරණ සහ පුනරුත්ථාපන පිළිබඳ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා ඊයේ (5දා) ප‍්‍රකාශ කළේය.
විපක්‍ෂය අද දඟලන්නේ රටේ බහුතරයක් ඔවුන්ගේ පක්‍ෂය වටා රොක් වී සිටින බවට බොරුවක් සමාජගත කිරීමට යැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඒ මහතා මෙසේ ද පැවසීය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අති විශාල බහුතරයක් සිටිනවා.
පසුගිය ඡන්ද කාලෙත් විපක්‍ෂය විවිධ සිහින මැව්වා.
යහපාලන ආණ්ඩුව කාලේ රටේ ජනතාවට කොපමණ ජීවන ප‍්‍රශ්න ඇති වුණාද? එතකොට විපක්‍ෂය බිහිරි අලින් ගාණට වැටිලා උන්නා. අද මහා පම්පෝරි ගහනවා.ඒගොල්ලෝ හොඳට රට කෙරුවා නම් ඔය විදිහට පරදියිද කියලා ප‍්‍රශ්න කරනවා. ජනතාවට සෙතක් කළේ නම් අද ඒගොල්ලන්ට මෙහෙම වෙන්නේ නැහැ. ළගදී අපිත් එක්ක එක්වෙන දෙතුන් දෙනාගෙන් පසු විපක්‍ෂයට කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ.
නෝමන් පලිහවඩන
Comments
Post a Comment
Your comment will be visible after approval