
කැලණිය සරසවියේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සිසුවියන් තිදෙනකුට සහ සිසුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වයත් සමග නේවාසිකාගාර තුනක සිටි සිසු සිසුවියන් ඒවා තුළම නිරෝධායනයට ලක් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇති අතර ඔවුන්ගේ විභාග කටයුතුත් නේවාසිකාගාර තුළම පවත්වාගෙන යෑමට ද තීරණය කර තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 894 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ (05 වැනිදා) දහවල් වන විට සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval