
හල්දුම්මුල්ල, හරංකහව දී ඊයේ (04දා) ගලක් මත නැඟී රිළවකුගේ හැසිරීම නරඹමින් සිටියදී ගල පෙරළී
එම ගල් පර්වතයටම යටවී සිවු හැවිරිදි දරුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල
පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වැලිමඩ, උඩපේරුව පදිංචිව සිටි දුමින්ද පැහැසර ජයසේකර නමැති හතර
හැවිරිදි කුඩා දරුවෙකි.
වැලිමඩ, උඩපේරුව සිට හල්දුම්මුල්ල හරංකහව මිතුරකුගේ නිවෙසට මව සහ පියා දරුවා සමඟ පැමිණ
සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.
පියා දරුවා වඩාගෙන ගල මතට නැඟී රිළවකුගේ හැසිරීම පෙන්වමින් සිටියදී බුරුල් වී තිබූ ගල් පර්වතය
පෙරළී ගොස් ඇති අතර ගලෙන් ඇඳ වැටුණු දරුවා ඊට යටවී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. වෙන
අතකට විසිවූ පියාගේ දිවි බේරී තිබේ. හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
ප්‍රසන්න සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
හපුතලේ - පී. ජයන්ත, බදුල්ල- නිශාන්ත අබේගුණවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval