maneesha chanchala


මනීෂා චංචලා යනු ද රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් සහ නිවේදිකාවක්ද වේ.  මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය රූපවාහිනී කතා  මාලාවක් වන සිඳු ටෙලි නාට්‍යය තුළින් හමුවන ඇය ස්වර්ණවාහිනී නාළිකාව තුළද නිවේදිකාවක ලෙසද කටයුතු කරයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අද තරු කතාබහට ඇයව අපි මෙලෙස එක් කර ගනු ලැබුවෙමු.

 


මේ  දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මගේ සංගීත  විශාරද විභාගයට ලස්ති වෙනවා. ඒ එක්කම සිදු එක් වැඩකටයුතු තමයි කරගෙන යන්නේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ හද රැඳිපැය වැඩසටහන කරගෙන යනවා.




අලුතින් ගීතයක් එන්නේ නැද්ද?

අලුතින් ගීතයක් කරන්න තමයි ඛලාපොරොත්තුවෙන් ඉන්නේ. ළගදී ගීතයක් එළිදැක්වූවා සිහින   සමාගම තේමා ගීතය විදිහට තමයි ඒක ගියේ. ඒකට ලොකු ප්‍රසිද්ධියක් අපි දුන්නේ නැහැ. අලුත් ගීතයක බලාපොරොත්තුවෙන් ඉන්නවා.


සිඳු එකට අමතරව තව කටයුතු සඳහා ආරාධනා නැද්ද?

මේ දවස්වල එක නිර්මාණයක්  සඳහා කතා කරලා තියෙනවා. ඒකට දැන් මේ දවස්වල ලැස්ති වෙනවා. මේ  වෙද්දී ගොඩක් නිර්මාණ භාර අරගෙන නැහැ.


සිඳු එක්ක එකතු වෙලා සෑහෙන්න කාලයක් වෙනවා නේද?

ඔව්, මම සිදු එක්ක වැඩකටයුතු  කරන්න අරගෙන මේ අවුරුද්දට අවුරුදු 04ක් විතර වෙනවා. 2016දී තමයි මම සිඳු එක්ක සම්බන්ධ වුණේ.


අවුරුදු ගණනාවක් එකම නාට්‍යයක් තුළ වැඩකටයුතු වෙද්දී එපා වීමක් නැද්ද?

මේ වෙනකම් එහෙම එපා වීමක් සිද්ධ වෙලා නැහැ. ඇත්තටම  සිඳු කියන්නේ පවුලක් වගේ. ටෙලි නාට්‍යයෙන් එහාට ගියොත් එකට වැඩ කරන අපි හැමෝම දැන් එක පවුලක් වගේ. ඊට අමතරව දවසින්  දවස දේවල් අපි ඉගෙන ගන්නවා.

ඒක මෙගා ටෙලි නාට්‍යයක්ද?  ඒකාංගික ටෙලිනාට්‍යයක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තුළින් දෙයක් අපි දවසින් දවස ඉගෙන ගැනීම තමයි වැදගත් වෙන්නේ.


ඒ කියන්නේ සිඳු කියන්නේ ගොඩක් දේවල් ලැබුණු තැනන්?

 අනිවාර්යයෙන්ම ඔව්. සිඳු නිසා මට ගොඩක් දේවල් ලැබුණා.


කලාව තුළින් ජීවිත් විමේ අමාරු වාතාවරණයක් දැන් උදා වෙලාද?

කලාව තුළින් ජිවත් වීමට බැරී වාතාවරණයක් මම නම් තාම දකින්නේ නැහැ. මේ වනවිට කලාව තුළින් ඇති  ගමන් මාර්ග වැඩියි. අපි දන්නවා  ගොඩක් දේවල් ඩිජිටල්කරණය වෙලා තියෙන නිසා කලාකරුවන්ට ඒ ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. මම හිතන්නේ නැහැ ඒ දේවල් නිසා කලාකරුවන්ට මග ඇහිරීමක් සිද්ධ වෙලා තියනවා කියලා.


තියෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නේ නැද්ද? නැත්නම් අවස්ථාවන් හොයා ගන්නේ නැද්ද?

ඒ හැමදේම තීරණය වෙන්නෙ අපේ උනන්දුව මතයි. අපි කරන වැඩි උනන්දුවක් දක්වන එක මත අපේ තියෙන වාසනාව සහ ඒ දේවල් එක්ක හරි යන්න පුළුවන්.


අධ්‍යාපනයත් එක්කද නිරිමාණ කටයුතු සීමා වෙන්නේ?

ගොඩක් දුරට ඔව්. මොකද මම ගොඩක් නිර්මාණ භාර අරගෙන කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි විශාරද  විභාගයෙත් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැත්තේ.


ඔබට ආදරය කරන රසික පිරිසක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගායිකාවද? නැත්නම් රංගන ශිල්පිනියද?

කලාකාරිනියක් විදිහට තමයි මාව හැමෝම හැදින ගන්නේ. ඒකට මම කැමතියි. මොකද ඒක ඇතුළේ මගේ හැමදේම තියෙනවා. මේ ක්ෂේත්‍ර  දෙකටම මම එක සමානව ගරු කරනවා,




ඔබ ගායිකාවක් වෙන්නේ කොහොමද?  

මම ගායිකාවක් වෙන්නේ හිතලා නෙමෙයි. මම චූටි කාලේ ඉඳන්ම ගීතවලට ඇලුම් කරනවාලු. අම්මි මාව තේරුම් ගන්න පොඩි කාලේ ඉඳන්මනේ. මොන්ටිසෝරියෙන් තමයි මම සිංදු කියන්න පටන් ගන්නේ. ඊට පස්සේ  තමයි නිවේදිකාවක් විදිහට කඳුරට FM එකට එකතු වෙන්නේ. ඒක හරහා තමයි අම්මා තීරණය කරන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට යනවා කියලා. ඒක තමයි මගේ ගායන   ක්ෂේත‍්‍රයේ මූලික අඩිතාලම වෙන්නේ.


ඔබේ ජිවිතේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ලොකුම බලාපොරොත්තුව තමයි මම කටයුතු කරන ක්ෂේත්‍රවල මගේ හොද නම ආරක්ෂා කර ගන්න එක. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ පිළිබදව   හදාරමින් ගොඩක් දුර යන්න බලාපොරොත්තු වෙනවා.


-ඩිලාන් ක්‍රිෂාන්ත -

maneesha chanchala

maneesha chanchala

maneesha chanchala



maneesha chanchala