antonio guterres

'කොවිඩ් 19' වයිරසයට එරෙහී මෙතක් නිපදවා ඇති සෑම එන්නතක්ම පාහේ ලොව ප්‍රබල රටවල්10 ක්, මිලදීගෙත,ඒවා තම රටවල වැසිය ලබා දෙද්දී රටවල් 130 කට කිසිදු එන්නතක් තවමත් ලැබී නොමැති බව එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පන්වා දෙයි.



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්වයක් බවත්, සෑම කෙනකුටම එන්නත් ලබා දිය යුතු බවත්, ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ. ලොව සෑම කෙනකුටම 'කෝවිඩ්19' ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සඳහා ගෝලීය එන්නත්කරණ වැඩසටහනක් වෙනුවෙන් ලොව සෑම දෙනකුම එකමුතු විය යුතු බවත් ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්ය.

අද (19) දින 'ජී 7' සමුළුවේ නායකයන්ට තමන් මෙම කාරණය යොමු කරන බවත්, ගෝලීය එක්තකරණ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන බවත් ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා තිබේ.



මේ වනවිට 'කොවිඩ් 19' වයිරසයට එරහිව භාවිතයට ගැනෙන්නේ රුසියාන්වේ 'ස්පුටිනික්' එන්නත,ඇමෙරිකාවේ 'ෆයිසර්' 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන් ජොන්සන්' එන්නත, චීනයේ 'සිනොෆාම්' එන්නත සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා යන එන්නත්ය.

වොෂින්ටනයේදි (රොයිටර්)