Perseverance

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් අඟහරු මතට යවන ලද Perseverance රෝවරය ඒමත ගොඩබැස්සවීමට දායක වූ පැරෂුටය මත රහස් පණිවුඩයක් සටහන් කිරීමට නාසා ආයතනයේ පද්ධති ඉංජිනේරුවරයකු වන ඉයන් ක්ලාක් කටයුතු යොදා තිබූ බව එම ආයතනය අනාවරණය කරයි.

පසුගියදා සිදුවුණු මෙම ගොඩබැසීම පිළිබද වීඩියෝ දර්ශන සහ ඡායාරුප ප්‍රසිද්ධියට පත්කිරිමත් අනතුරුව නාසා ආයතනය මේ පිළිබඳ කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව ඉයන් විසින් ද්විම (binary code) යොදාගනිමින් මෙම රහස් පණිවුඩය එහි සටහන් කර තිබූ බව නාසා ආයතනය පවසයි. මෙම සංකේතය මගින් සදහන් කර ඇත්තේ 'Dare Mighty Things'ලෙස එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයකු වූ තියඩෝර් රූස්වෙල්ට්ස් විසින් දැනට දශක කිහිපයකට පෙරාතුව සදහන් කළ අදහසකි.මෙම වදන ද්විමය කේත ආකාරයන් පැරෂුටය මත සටහන් කර තිබූ ආකාරය නාසා ආයතනය රූපසටහනක් මගින් එළිදක්වා තිබේ. එසේම ඉයන් විසින් මෙම Perseverance රොවරය රැගත් රොකට්ටුව ගුවන්ගත වුණු කැලිෆෝනියාවේ පසේඩෙනාහි පිහිටි ජෙට් ත්වරක විද්‍යාගාරයේ මූලස්ථානයේ GPS තොරතුරුත් එහි සඳහන් කර ඇත. හරස්පද පෙහෙලිකා විසදීම විනෝදාශයක් කරගෙන ඇති ඉයන් වෙත මෙවැනි අදහසක් පැමිණ ඇත්තේ දැනට වසර දෙකකට පමණ පෙරාතුවය.

ඒ අනුව නයිලෝන් රෙද්දක් යොදාගනිමින් සුදු සහ තැඹිලි පැහැයෙන් සැකසූ මෙම පටයට එම ද්විමය කේත යෙදවීමට ඔහු පියවර ගෙන ඇත. මෙම Perseverance රෝවරය අඟහරු මත ගොඩබැසීමට පෙරාතුව එහි පටයේ මෙවැනි කේතයක් ඇති බවට දැනගෙන සිටියේ හයදෙනකු පමණක් බවත් සදහන් වෙයි.