
ප්‍රංශයේ පාසල් සහ අනකුත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුවියන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ඇතුළු නිෂ්පාදන නොමිලේ ලබාදීමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙවැනි නිෂ්පාදන වෙනුවෙන් සිසුවියන්ට දරන්නට වන වියදම මගහැරවීම මෙහි අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ප්‍රංශයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ෆෙඩ්රික් විඩාල් ඉදිරියේදී මෙවැනි සනීපාරක්ෂක තුවා ඇතුළු අනෙකුත් සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුලත්යන්ත්‍ර නගර ආශ්‍රිතව පිහිටුවන බවත්, සිසුවියන්ට නොමිලේම ඉන් එම නිෂ්පාදන ලබාගත හැකි බවත් පවසා ඇත. මීට අමතරව ප්‍රංශයේ විශ්වවිද්‍යාල හෙද සේවාව වෙනුවෙන්ද මෙම නිෂ්පාදන නොමිලේ ලබාදීමට තීරණය කෙරී ඇත. ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ වන මීළඟ අධ්‍යයන වර්ෂයේ ආරම්භයේ සිට මෙම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ගාස්තුවකින් තොරව ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි. යුරෝපය තුළ මෙවැනි සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීම ආරම්භ කළ රට වන්නේ ස්කොට්ලන්තයයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔවුන් ගත් තීරණයට අනුව 'ආර්ථව දරිද්‍රතාව' මගහැරවීම එහි අරමුණ විය.එරට බොහෝ තරුණියන් සහ කාත්තාවන් දුප්පත්කම හේතුවෙන් සිය මාසික ඔසප් අවස්ථාවත්වලදී නියමිත සනීපාරක්ෂක තුවා භාවිත නොකර, තවමත් සාම්ප්‍රදායික ක්‍රම වෙත යොමුවන බවට හදුනාගැනීම ඊට හේතුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval