16 plus job

රැකියාවක යෙදිය හැකි අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇති බව කම්කරු
කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ (22දා) නිවේදනය කළේය. 



ශ්‍රී  ලංකාවේ ළමා ශ්‍රමය සහ අනතුරුදායක ළමා ශ්‍රමය පිළිබඳ තත්ත්වය තවදුරටත් අවම කරගනිමින්
ශ්‍රී  ලාංකික දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ ශාරීරික/ මානසික සෞඛ්‍ය යහපත් කිරීමේ තවත්
 සාධනීය පියවරක් ලෙස රැකියාවක යෙදිය හැකි අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීම
2021-01-18 දින පාර්ලිමේන්තුවේදී නීතිගත කරන ලදී. ළමයාගේ අනිවාර්යය අධ්‍යාපනය වයස අවුරුදු
16 දක්වා ඉහළ දැමීමත් සමඟ, මෙම තත්ත්වය සමනය කිරීමට කම්කරු නීතිය අනිවාර්යයෙන්ම සංශෝධනය
කළයුතු විය. ඒ අනුව පහත සඳහන් පනත් 4ක අවම වයස් සීමාව සංශෝධනය කිරීම අනුමත වී තිබේ.

ශ්‍රී  ලංකාව 2022 වර්ෂයේදී අතිශය නරක ආකාරයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා ප්‍රතිඥා ලබාදී
ඇති අතර 2025 වර්ෂයේදී ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බවද
එම නිවේදනයේ දැක්වේ.