ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
 
ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධි චෝදනා එල්ල වූ අතර නඩු විභාගය
අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව තිබුණි.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරි 02 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි.

------- 

[Send your emails to editor - editor@gossiplankanews.com]