ඉකුත්දා පැවති ජනාධිපතිවරණයෙන් තේරීපත්වූ ජෝ බයිඩ්න් ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරිම ඊයේ දිනයේ දී නියමිතව තිබූ අතරවාරයේ ට්‍රම්ප් ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන  කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරිමත් සමග ඇතිවූ කලබලය මැද පහර දීමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි. එක් කාන්තාවකටද වෙඩිවැදී අතර තවත් තිදෙනෙකු ඇති වූ කලබගෑනිය හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 52 අත්අඩංගුවට ගෙන ඇත.
අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශයට හදීසි වසා දැමීමකට ලක් කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙයි.
කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට වෙඩිතැබීම් සිදු කළ බව ආරක්ෂක අංශ දන්වා ඇත.
රැස්ව සිටි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබු අතර ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පැය 03 කට ආසන්න කාලයක් ගොඩනැගිල්ලේ පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.