
එජාපයේ තනතුරු වෙනස සමග තනතුරු අහිමිවී ගිය හා එජාපය ගැන කලකිරුණ හා ඉවත්වූ කණ්ඩායමක් ඊයේ (12) අලුත් දේශපාලන ගමනකට සැරසී ඇති අතර කතරගම පූජාවකට සහභාගීවී ආශිර්වාදයන්ද ලබාගෙන ඇති බව වාර්තාවේ.
රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රනතුංග , මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පිරිසක් මෙලෙස කතරගම අධිෂ්ඨාන පූජාවක නිරත වී තිබේ.
මෙය එජාපයේ කැඩී ගිය පාර්ශව යලි එක් කිරීම සහ රට වසංගතයෙන් මුදවා දෙන ලෙස කරන ලද දේව කන්නලව්වක් මිස නව පක්ෂයක් තැනීමක් නොවන බව රවි කරුණානායක මාධය වෙත ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval