මේ දවස්වල ඔබ ගෙදරම කාර්ය බහුල වෙලා ද?

ඔව්. මේ දවස්වල ගෙදරම තමයි කාර්ය බහුල වෙලා තියෙන්නේ. මොකද බබාගේ වැඩකටයුතු එක්ක තමයි කාලය ගෙවන්නේ. දැන් බබාට මාසයක් ඉවරයි. කාලය යනවා තේරෙන නැහැ.  නෙහාරා ඩාන්ස් ටූඩියෝ එක නැවත විවෘත කලා දැන් මම පන්ති පවත්වන්නේ නැහැ. නමුත් Dancing Professional අය තමයි පන්ති පවත්වන්නේ. ඉතිං ඒකෙ වැඩකටයුතුත් කරගෙන ඉන්නවා.

 
දුවත් එක්ක කාලය ගත කිරීම ගැන මොකද හිතෙන්න‍ෙ?

බබෙක් නැති කාලේ රංගනයත් එක්ක කාර්ය බහුල වෙලා ඉද්දී හිතුමා මේ සදහා හිතන්නවත් කාලයක් නැහැ කියලා. මොකද මට එක්තරා කාලයක් තිබුනා නිදාගත්තවත් වෙලාවක් නැති. ශුටින් යනවා, නිවේදන කටයුතු  කරනවා,
මියුසිකල් ෂෝවලට ගිහින් සින්දු කියනවා. හැම දේකටම මම සහභාගි වුනා. ඒක තමයි මම කාර්ය බහුලයි කියලා දැනගෙන හිටියේ. නමුත් බබා ඉපදුනාට පස්සේ මම කාර්ය බහුල වුණා. ඒක වෙනමම කාර්ය බහුලකමක්. මොකද ඒ කාර්ය බහුලත්වයේ වගකීම වැඩියි. වෙලාවට කිරි දෙන්න ඔනේ. අඬනකොට මොකටද අඬන්නේ කියලා බයයි. මොකද එයාට දේවල් කියන්න පුළුවන් වෙන්නේ අඩලා විතරයිනේ. අම්මා කියන දේ මට අලුත් දෙයක්. ඉතින් ඒ වෙනුවෙත් මේනකගෙත් සහ පවුලේ අයගෙත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මේ  දේවල්වලට මේනකත් නිදිමරනවා. සමහර වෙලාවට අපි රණ්ඩු කරනවා බබාව වඩා ගන්න. එයත් හරි ආසයි. ඒක වගකීමක් එක්ක කාර්ය බහුලත්වයක් වුණාට ඒක මම ආසාවෙන් විදිනවා.


අවුරුදු 10ක් අභියෝග සහ ප්‍රශ්න එක්ක ජීවිතය ගෙන යාම දකින්නේ කොහොමද?

හැමෝටම පිවිතේත් උස් පහත් තැන් තියනවා වගේ අපිටත් තියෙනවා. අපි දෙන්නට ජිවිතේ ගෙන යාම ටිකක් ලේසි වුනා. මොකද තේරුම් අරගෙන ජීවත් වෙන්න අපිට අත්දැකීමක් තිබුණ නිසා. අපි දෙන්නගේම ජීවිතවලට කලින් අත්දැකීමක් තිබුණා. මටත් මේනකටත් දෙන්නටම. ඒ විවාහය අසාර්ථක වෙන්න හේතු තිබුණා. රටේ ලෝකයේ මොනවා කිව්වත් ඒ හේතු දන්නේ අපි විතරයි.
ඒ නිසා අපි දෙන්නම යාළු වුණ දවසේ ඉදන්ම හිතාගත්ත  දෙයක් තමයි අපි හොදින්  තේරුම් අරගෙන මේ විවාහය තවත් දික්කසාදයක් වෙන්න බැහැ කියන දෙය. ගොඩක් අය එහෙමත් වෙයි කියලා බලාගෙන හිටියා. ගොඩක් දෙනා මඩ ගැහැව්වා සහ කැත කතා කිව්වා. කමක් නැහැ. දෙවියන් වහන්සේ ඉන්නවානේ. එයා ඔක්කෝම බලාගන්න නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නාගේ යම්කිසි දෙයක් ගැන තර්කයක් තිබුනොත් ඒ වෙලාවේම දෙන්නාට දෙන්නා Sorry කියාගෙන ඒක එතනින් ඉවර කර ගන්නවා. රණ්ඩු වෙලා, තරහා  වෙලා කවදාවත් අපි නින්දට යන්න නැහැ. මේ අවුරුදු 10ටම එහෙම වෙලා නැහැ. හරිම සුන්දරයි මේනකත් එක්ක මේ ගත කරන ජීවිතය.


-ඩිලාන් ක්‍රිෂාන්ත-