[Trending][btop]
[News][stack]

ඊයේ නොසිටි සෝමා එදිරිිසිංහ පුතු නාලක එදිරිසිංහ CIDයට භාර වෙයි


ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.

 ජීවක එඳිරිසිංහ,
අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නමුත් බාන්ස් පෙදෙස හා  හෝර්ටන් පෙදෙසෙහි පිහිටි නිවාසවල නාලක සිටියේ නැත. බැහිරව සිටි ඔහු මෙලෙස භාරවූයේ ඊයේ ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසිය ආ බවට ලද පණිවිඩය ඔස්සේය.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ උපදෙස් අනුව
රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.