
මෙවර එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ක්‍රීඩකයින් මාරුකිරීම් ගණනාවක් සිදුව ඇති පසුබිමක පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට තමන්ටද ඉදිරිපත්විය හැකි බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි
පසුගිය දිනවලදී තමා පුහුණුවීම් සිදු කිරීමේ දී ද පන්දු යැවීමෙහි නිරත වූ බව කියන මැතිව්ස් ඒ ගැන විස්තර කළේ මෙසේය.
“පුහුණුකරු ඒ ගැන මට කතා කරා. පන්දුවාර 5ක් විතරවත් යවලා දෙන්න පුලුවන් ද කියලා ඇහුවා. මම කීවා අනිවාර්යයෙන් මට පුලුවන් කියලා.එක්දින සහ 20යි 20 තරගවලදීත් මම පන්දු යැව්වා පසුගිය කාලයේ දී .පුහුණුකරු පන්දුවාර 10ක් 15ක් ඉල්ලන්නෙ නැහැ. පන්දුවාර 3ක් 4ක් තමයි ඉල්ලන්නෙ. ඉතිං ඒ දේනුත් දායකත්වය දෙන්න පුලුවන්නම් මම අනිවාර්යයෙන්ම ලබා දෙනවා.”
දෙවැනි ටෙස්ට් තරගය 22 වනදා ආරම්භ වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval