ඇමෙරිකා එක්සත් ජනපදයේ නව උපජනාධිපතිනිය ලෙස පත් වූ කමලා හැරිස් වෙනුවෙන් පූජා පවත්වන්නට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සේන්ද්‍රපුරම් ගම්මානයේ වෙසෙන ඇගේ ඥාතීන් කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම ගම්මානය කමලා හැරිස්ගේ සීයා උපන් ගම්මානය ලෙසද සැලකෙයි.
මෙහිදී ගම්වැසියන් එහි පිහිටි හින්දු දේවාලය වෙත ගොස් සිය ඥාති නව උපජනාධිපතිනිය වෙත ඔවුන්ගේ ආශිර්වාදය ලබා දී තිබේ.
කමලා හැරිස්ගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් වන අතර, පියා ජැමෙයිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකි. දෙදෙනාම එක්සත් ජනපදයේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අතරතුරදී විවාහ වී තිබේ. කමලා හැරිස්ද වයස අවුරුදු 5දී මෙම ගම්මානය වෙත පැමිණ ඇති අතර සිය පියා සමගින් චෙන්නායි මුහුදු වෙරළේ ඇවිද ගිය බව පවසා තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval