සිකුරාදා අලුයම ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ රික්ටර් 6.2 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට ආපදා අවම කිරීමේ ආයතනය පවසයි.
දේශීය වේලාවෙන් අළුයම 1.28 ට ඇති වූ භූමිකම්පාවේ කේන්ද්‍රය මැජීන් නගරයට ඊසාන දෙසින් කිලෝමීටර 10 ක් ගැඹුරින් කිලෝමීටර් 10 ක් ගැඹුරින් වූ බව ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය පවසයි.

මිත්‍රා මනකාරා පෞද්ගලික රෝහල, හෝටල් සහ රජයේ ගොඩනැගිල්ල ඇතුළු උස ගොඩනැගිලි කිහිපයකට ද බරපතල හානි සිදුව ඇති බව ප්‍රාදේශීය පොලිස් කොමසාරිස් සීඑන්එන් වෙත පවසා තිබේ.
කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් බොහෝ දෙනෙක් කොටු වී සිටින බව දේශීය සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
භූමිකම්පාවෙන් පසු දේශීය දුරකථන ජාලයන් අක්‍රිය වී ඇති හෙයින් ගලවා ගැනීමේ කණ්ඩායම් අතර සන්නිවේදනෙ  දුෂ්කරතා පැනනැගී ඇත.
පලා යාමට හැකි වූ දහස් ගණනක් ජනයා වෙනත් භූමිකම්පාවක් හෝ සුනාමියක් ඇති වේ යැයි බියෙන් තම නිවෙස්වලින් පිටවීමට තීරණය කර ඇති බව බටහිර සුලවේසි පොලිස් ග්‍රෑන්ඩ් කොමසාරිස් සියාම්සු රිද්වාන් පැවසීය.
"මෙම විශාල භූමිකම්පාවෙන් පසු අපට සුනාමියක් නොමැති බව අපට තහවුරු වුවද, ඔවුන්ගෙන් සමහරෙක් සුනාමිය වළක්වා ගැනීම සඳහා ඉහළ ස්ථානයට ගිහින්" ඔහු පැවසීය.

2018 දී රික්ටර් මාපක 6.2 ක දරුණු භූමිකම්පාවක් සහ පසුව ඇති වූ සුනාමිය හේතුවෙන් සුලවේසි හි දහස් ගණනක් මිය ගියහ.