
දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මෙම සේවිකාව කරන්දෙනිය සිට රාජකාරි සදහා පැමිණෙන අතර අවසාන වශයෙන් පසුගිය සදුදා දින රාජකාරියට පැමිණ ඇති බව වාර්තා වේ.
අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල වෙත ගිය අවස්ථාවේ සිදුකල පී.සී.ආර්.පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(20)අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත.
ආසාදිතයා වාර්තා වීමත් සමඟ අද (21) සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval