
තමන් සති දෙකක් නිරෝධායනය වී සිටිය ද ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ගාමගේ පෙරේදා (19) පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේ දී කීවේය.
“මම සති දෙකක් නිරෝධායනය වෙලා හිටියා. මට බඩු මල්ල ලැබෙන්න ඕනෑ. නමුත් ලැබුණේ නැහැ" යැයි ආණ්ඩුකාරවරයා කියන විට රැස්වීමේ සිටි සියල්ලෝම මුහුණට මුහුණ බලාගත්හ. නිරෝධායනය වී සිටිය ද තමන් ආශ්‍රිත වුයේ කවර අයකුට ද යන්න හෝ නිරෝධායනය වූයේ කවර ස්ථානයක ද යන්න පිළිබඳ හෝ ඔහු ප්‍රකාශ කළේ නැත. දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ට කිහිපදෙනකුගෙන්ම ඒ පිළිබඳ විමසා සිටිය ද ඔවුන් ඒ ගැන දැන සිටියේ ද නැත. පසුගිය දිනවල දකුණු පළාතේ පැවැති උත්සව හා රැස්වීම් කිහිපයකටම නොවැළැක්විය හැකි හේතුවක් නිසා සහභාගි නොවන බව ආණ්ඩුකාරවරයා දන්වා තිබිණි.
-සිරංගිකා ලොකුකරවිට-
Comments
Post a Comment
Your comment will be visible after approval