කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය 
කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති, විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර සඳහන් කරයි.