පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි.


එලෙස පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර තිබුණේ, වෙළඳසැල් හිමියන්, වෙළඳුන් සහ පාරිභෝගිකයින්ය.

ඉන් සේවකයින් 6 දෙනෙකුට සහ පාරිභෝගිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

එලෙස හඳුනාගත් ආසාදිතයින් රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.