
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටි නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (07 ) තහවුරු වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වයිරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ කිරීමේදී මෙම නවදෙනාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙයි.
ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පීසීආර් පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතයි.
මෙම පිරිසට වයිරසය ආසාදනය වී ඇත්තේ පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් බවට පොලිසිය සැක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval