
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනකු කොවිඩ් 19 ආසාදිත බවට වාර්තා වුවද,
මෙම ගුවන් නියමුවන් තිදෙනාට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් ඔවුන් ආසාදිතයන් බවට ඊයේ (06) තහවුරු වූ බවත්, ඔවුන්ට තිදෙනා මේ වනවිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ගුවන් නියමුවන් තිදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ ඔවුන් බාහිර සමාජයේ ඇසුරු කළ පිරිස්වලින් විය හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ගුවන් ගත වන්නේ නම් ඊට පෙර ඔවුන් කොවිඩ් ආසාදිතයන්ද යන්න තහවුරු කිරීමට පරික්ෂණ කිහිපයක් පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.
- තිළිණි ද සිල්වා -
Comments
Post a Comment
Your comment will be visible after approval