චීනය තුළ භාවිතය සදහා අනුමැතිය ලැබුණු පළමු COVID-19 එන්නත වන Sinopharm එන්නත එරට ජනතාව වෙත ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි පවසයි. මෙම එන්නත් සම්බන්ධයෙන් සිදු කළ තෙවැනි සායනික පරික්ෂාවේදී එහි 79.34%ක සාර්ථකත්වයක් පවතින බව හඳුනාගෙන තිබේ. මෙම එන්නත්කරණය යටතේ පළමුව එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත එය ලබාදීමත්, අනතුරුව විවිධ රෝගාබාධවලින් පෙළෙන පිරිස් වෙත එය ලබාදීමත් සැලසුම වී තිබේ. මෙම සියලුම එන්නත් නොමිලේම ඒ ජනතාව වෙත ලබාදෙන බව රජය පවසයි. 


පසුගිය වසරේ අවසාන දින කිහිපයේදී චීනසෞඛ්‍ය බලධාරින් විසින් මෙම සිනෝෆාම් එන්නත සදහා අනුමැතිය ලබාදී තිබුණි. එම ඒවනවිටත් තවත් රටවල් රැසකදී මෙම එන්නත සදහා අනුමැතිය හිමිව තිබුණි.

මෙලෙස චීනය විසින් COVID-19 වළකන සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීම් කටයුතු ඇරඹුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය. එහිදී චීනයේ විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යාංශ බලධාරින් COVID-19 එන්නත් අපේක්ෂකයන් තිදෙනෙකු සඳහා සායනික පරික්ෂාවන් වෙත අනුමැතිය ලබාදුනි. ඒ අනුව මැයි 22දා වනවිට මෙම එන්නත්හි සායනික පරික්ෂාවන් ඉතා සුරක්ෂිත බව අනාවරණය විය.

එසේම මෙම COVID-19 වසංගතයට හේතුවන SARS-COV-2 වෛරසයට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණය ඇතිකිරීම සදහා එය දායක වන බවත් සහතික කෙරිණි.

ඒ අනුව චීනයේ ජාතික බුද්ධිමය දේපළ පාලනාධිකාරිය මගින් එරට තුළ පළමු COVID-19 එන්නත සදහා පළමු පේටන්ට් බලපත්‍රය ලබාදීම අගෝස්තු 17 සිදුවිය.
එසේම නොවැම්බර් 18 වනවිට චීනයේ නිපදවූ COVID-19 එන්නත් 5ක තෙවැනි අදියරේ සායනික පරික්ෂාවන් එක්සත් අරාබි එමීරය, බ්‍රසීලය, පාකිස්ථාන සහ පේරු රාජ්‍යය තුළ සිදු කරමින් ඇති අතර, තවත් රටවල් කිහිපයකදී එහි පළමු සහ දෙවැනි පරික්ෂාවන් සිදුකරමින් පැවතුණි.

අනතුරුව දෙසැම්බර් 02දා වනවිට එම එන්නත් පහම තෙවැනි අදියරේ පරික්ෂාවන් වෙත යොමුවිය. ඒ අනුව පසුගිය දෙසැම්බර් අවසානයේ සිට එරට තුළ එන්නත්කරණය සදහා අනුමැතිය හිමිව ඇත්තේ ඒ අතර තිබූ මෙම Sinopharm එන්නත සදහාය.

-------
[Send your emails to editor - editor@gossiplankanews.com]