ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පිළිගැනෙන චීන ජාතික ව්‍යාපාරික ජැක් මා අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඩේලි මේල් පුවත් වාර්තාවකට අනුව ඔහු සැඟවී සිටිනවා යයි සැකකරන බවත් එසේ වීමට හේතුව චීනයේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවත්  අනුමාන කර තිබේ.

ඔහු මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම මෙම විමතියට හේතුවී ඇත.
ඔහු අවසන් වරට ඔක්තෝම්බර් මාසයේදී කළ කතාවක දී රටේ මූල්‍ය නියාමකයින් සහ රජය සතු බැංකු විවේචනය කර තිබුණි. චීනයේ නව කොමියුනිස්ට් පාලනය තුළ “ව්‍යාපාර නවෝත්පාදනයන් මැඩ පවත්වන” ක්‍රමයක් 

තිබෙන බවත් එය වෙනස් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් චීන පාලන ක්‍රමය විවේචනය කිරීම බරපතල කාරණයක් ලෙස එරට ඒක පාක්ෂික පාලක මණ්ඩලය සලකයි. (වුහාන් කොරෝනා රැල්ල ලෝකයට කියූ අයට පසුගිය සතියේ දඩුවම් ලබාදීමක්ද වාර්තාවී තිබුණි.)
ආසියාවේ ඇමේසන්  යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අලිබබා හා අලි එක්ස්ප්‍රස් අන්තර්ජාල භාණ්ඩ අලෙවි ජාලයේ නිර්මාතෘ වන ජැක් මා මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ දැක නොතිබීම අසාමාන්‍ය බව ඩේලි මේල් වාර්තා කරන්නේ මේ නිසාය.
ඔහු මේ කාලය තුළ අනිවාර්යයෙන් පෙනී සිටිය යුතු අවස්ථා පවා මගහැරීම මෙම සැකය තිව්‍රකිරීමට හේතුවී ඇත. එවන් එක් අවස්ථාවක් වූයේ අප්‍රිකාවේ 'බිස්නස් හීරෝස්'  නමැති රියැලිටි වැඩසටහනයි. එය අලිබබා අනුග්‍රහයෙන් පවත්වන්නක් වන අතර එහි අවසාන අංගයේ විනිසුරුවරයෙකු ලෙස ඔහු සහභාගීවීමට නියමිතව සිටි මුත් එයට ඔහු නොපැමිණීම සුවිශේෂී විය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී අලිබබා ප්‍රකාශකයෙකු කියා සිටියේ "කාලසටහනේ ගැටුමක් හේතුවෙන්" ඔහුට විනිශ්චය මණ්ඩලයට සහභාගී වීමට නොහැකි වූ බවයි.

නමුත් ඊට සති කිහිපයකට පෙර ජැක් මා ට්වීට් කළේ තරඟකරුවන් හමුවීමට "ඉවසිල්ලක් නැති" බවයි.
පසුව ඔහුගේ රුවද විනිශ්චය මණ්ඩලය ගැන සඳහන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබුණි.
ජැක් මා ගේ පසුබැසීමේ සැකය චීන පාලනය වෙත ඇඟිල්ල යොමුවීමේ ප්‍රධාන හේතුව පසුගිය
නත්තල් දිනයේදී චීන බලධාරීන් ජැක් මා ගේ අලිබබා සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාධිකාරී විරෝධී පරීක්ෂණයක් ආරම්භ කිරීමයි. එහි මෙහෙයුම් කටයුතු නැවත විගණනය කරන ලෙසද මූල්‍ය ආයතනයක් වෙත නියෝග කර තිබුණි.
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]