ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා රෝග තත්වය අද වන විට භීතිකාවක් දක්වා වර්ධනයවී තිබෙනවා. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ Covid-19 රෝගය ට අද වන විට ලොව පුරා පුද්ගලයන් ගොදුරු වෙමින් පවතිනවා. විශාල මරණ ප්‍රමාණයකුත් වාර්තා වෙනවා.  මේ රෝග භීතිකාවෙන් වාසි ලබන පිරිසකුත් මේ වෙද්දී බොර දියේ මාළු බාමින් ඉන්නවා. චීනයෙන් ආරම්භ වූ මේ වෛරසයට වැක්සීනයන් නිෂ්පාදනය සඳහාත් විශාල තරඟයක් ඇතිව තිබෙනවා. මේ තරඟයේ පෙරමුණේ ඉන්න රටක් ලෙස චීනය හඳුන්වන්න පුළුවන්. මෙය යහපත් දෙයක් ලෙස ඔබට හිතෙන්නට පුළුවන් එත් මේ චීනයේ නිෂ්පාදනය වන වැක්සීනය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබෙනවා. මතක තබා ගන්න මේ අපි කතා කරන්නේ මේ ව්‍යසනය සිදුවීමට ඉඩ දුන් රට පිළිබඳව බව, අපි මේ කතා කරන්නේ ලොව පුරා විශාලම වශයෙන් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ අලෙවි කරන රට පිළිබඳව බව, ලෝකය ම ණය උගුල් වලට පටලා ගන්නා ප්‍රමුඛ ම රාජ්‍ය පිළිබඳව බව. ඒ සියල්ලටම වැඩියෙන් වැක්සීනයන් නිෂ්පාදනය පිළිබඳව අපකීර්තිමත් කුප්‍රකට වාර්තාවන් ඇති රටක් පිළිබඳව බව.


2013 - 2016 කාලයේ චීනයේ නිෂ්පාදිත වැක්සීනයන් වල ගැටලු නිසා කුඩා ළදරුවන් 21 දෙනෙක් මිය ගියා. මේ සංඛ්‍යාලේඛන චීනයෙන් ම නිකුත් කල ඒවා. බොහෝ විට මේ ගණන ඊට බොහෝ වැඩි වන්නට පුළුවන්. මේ වැක්සීනයේ ගැටලු නිසාවෙන් පැමිණි අහිතකර ප්‍රතිවිපාක ලෝකය පුරා බොහෝ දෙනෙකුට අවාසනාවන්ත ලෙස අත්විඳින්න වුණා. චීනයේ ප්‍රධාන සමාගම් කිහිපයක් මේ අහිතකර වැක්සීන 652,000 වඩා ලොව පුරා බෙදාහැර තිබුණා. මේවා ලෝකයේ ප්‍රකට රෝග ගණනාවකට ප්‍රතිකර්ම ලෙසයි බෙදාහැර තිබුණේ. ඒ එක සමාගමක පුද්ගලයෙක් මේ සමාගම් වල සිදුවෙන ක්‍රියාවන් පිළිබඳව බලධාරීන්ට වාර්තා කර තිබුණා. අවසානයේ මෙලෙස ගැටලු සහිතව නිපදවූ වැක්සීන එන්නත් ලක්ෂ 9කට වඩා හඳුනා ගැනුණා. මේ එම සමාගම් සිදු කල එක වරදක් පමණයි. මෙවැනි ගැටළුකාරී තත්වයන් රැසක් විටින් විට වාර්තා වුණා. නමුත් චීන රජයට මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව අලසකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා.

Facial Recognition තාක්ෂණය ඇතුළු ලෝකයේ වැඩිම තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් පුද්ගලයන් ට්‍රැක් කිරීම පිළබඳ කුප්‍රකට චීනයට මේ වැරදි වැක්ෂීන් නිෂ්පාදකයන් වළක්වන්නට මෙතරම් කාලයක් ගතවුණේ ඇයි? රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන ප්‍රදේශ වලට, ආයතන වලට චීනයේ ඉහළ පෙළේ නායකත්වය විශේෂ සැලකිල්ලක් දක්වන බව ප්‍රසිද්ධ රහසක්.


මේ ආයත සහ අදාළ පාර්ශව වලට දඬුවම් හිමි වුණේම නැද්ද? දඬුවම් හිමි වුණා. මුල්‍යමය වන්දි ගෙවීමට සිදුවුණා. නමුත් ඒ විතරක් ප්‍රමාණවත්ද? ඔවුන් ඉපයූ මුදලට සාපේක්ෂව නියම වූ දඩ මුදල ඉතාම සොච්චමක්. මේ මූල්‍යමය වන්දියේ අරමුණ හුදෙක් අදාළ පාර්ශව වෙත දඬුවම් කිරීම නෙමෙයි රජය වෙන එල්ල වෙන සමාජ අපවාද වළක්වා ගැනීමයි. ඔබ චීනයේ ඉහළ සබඳතාවන් සහිත අයෙක් නම් ඕනෑම වරදක් කර ඔබට චීනයේ නිදහස හිමි කර ගැනීමට පුළුවන්.

ඔබ චීනයේ රෝහල් ගත වී ඇති නම් ඔබ දන්නවා එහි බොහොමයක් භාවිත වන්නේ යුරෝපය ඇතුළු අනෙක් රටවල් වලින් ගෙන්වන ලද වැක්සීන බව. එයට හේතුවක් තිබෙනවා. චීනයේ ජනතාව වත් චීනයේ නිෂ්පාදිත වක්සීනයන් එතරම් විශ්වාස කරන්නේ නැහැ. මිලෙන් තරමක් අධික වුවත් ආනයනය කරන ලද වැක්සීන භාවිතයට චීනයට සිදු වෙන්නේ ඒ නිසායි. හිතන්න එම රටේ පුරවැසියන්ට වත් විශ්වාසයක් නැති වක්සීනයකට ඔබ ඔබේ ජීවිතය භාර දෙනවද ?


ලෝකයේ ණය උගුල් වලට රටවල් පටලා ගන්නා ප්‍රමුඛ ම රට ලෙස චීනය හඳුන්වන්න පුළුවන්. ලංකාව ඇතුළු බොහොමයක් රටවල් අද වෙද්දී මේ ණය උගුලේ ගැඹුරටම සිරවී අවසන්. මේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ කාලයේ සිටම මේ වෛරසය චීනයේ විද්‍යාගාර තුළ නිෂ්පාදිත වෛරසයක් බවට සැක පල වුණා. මේ වැක්සීන ය අලෙවි කිරීමෙන් සහ ලොව පුරා අවශ්‍ය Personal protective equipment විකිණීමෙන් චීනය කොතරම් ලාභයක් ලබාවිද? ඔබ මේ පිළිබඳව මදකට සිතා බැලුවාද?