මෙරට ටෙනිස් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා ඉන්දීය සුපිරී වෙනිස් ක්‍රීඩක රොහාන් බෝපන්නාට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ. රොහාන් බෝපන්නා යොමු කළ ට්විටර් පණිවුඩයකට අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම ඇරයුම සිදු කර තිබේ.


මෙහිදී ඉන්දීය ටෙනිස් ක්‍රීඩක රොහාන් බෝපන්නා යොමු කළ ට්විටර් පණිවුඩයේ සඳහන්ව ඇත්තේ තමාට ලබාගැනීමට නොහැකිවූ අවස්ථා සහ තත්ත්වයන් තරුණ ක්‍රීඩකයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නිමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම ඊයේ (19දා) සිදු කළේය.

අමාත්‍යවරයා යොමු කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"ටෙනිස් ක්‍රීඩාව කෙරෙහි සහ අනාගතය සඳහා තරුණ තරුණියන් සංවර්ධනය කිරීමට රොහාන් බෝපන්නා දක්වන කැපවීම අගය කරනවා. ශ්‍රී ලංකාවේ ඉදිරියට එන ටෙනිස් ක්‍රීඩකයන්ටද රොහාන් බෝපන්නාගේ සහාය ලබාදීමට හැකි වේ යැයි සිතනවා".

ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට තුති කරමින් රොහාන් බෝපන්නා පවසා ඇත්තේ වත්මන් 'ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවට ආදරේ කරන පුද්ගලයකු ලෙස තමා හොඳින් දන්නා බවත්, ශ්‍රී ලංකාව තුළ ඉහළ තත්වයෙන් යුත් ටෙනිස් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්ය.
- පැතුම් ශ්‍රී විජේරත්න -