
වයස අවුරුදු 18වැඩි සියලු පුද්ගලයන් සඳහා හමුදා පුහුණුව ලබාදීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද ඒ සඳහා මෙතෙක් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (19දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සි මාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මාධ්‍යවේදියා - සරත් වීරස්කර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුව ලබාදීම සම්බන්ධව. මේ පිළිබඳ රජය නිල වශයෙන් තීන්දුවක් අරන්ද තියෙන්නේ? මෙය ක්‍රමානුකූලව රට මිලිටරීකරණය දෙසට ගෙන යාමක්ද?
ඇමතිවරයා - එය යෝජනාවක් පමණයි. ඇමෙරිකාව වගේ රටවල්වල නම් එය ක්‍රියාත්මක වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න ඇමෙරිකාව මිලිටරිකරණයක් වෙලාද කියලා? නමුත් ලංකාවේ දේශපාලන, සමාජ තත්වය පිළිබඳ සලකලා තමයි එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා සලකා බලන්න වෙන්නේ. තවම එහෙම තීන්දුවක් අරන් නෑ. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා ඒ පුහුණුව දෙනවා. සමහර රටවල ඊට එකඟ නොවන සහ ඉදිරිපත් නොවන අයට දඬුවම් පවා ලබා දෙනවා.
- නවෝද්‍යා පවනි -
Comments
Post a Comment
Your comment will be visible after approval