
සුබ නැකතින් හෙට 14 විවාහ වීමට සිටි උපාධිධාරී තරුණයකු නිවස පිටුපස තාවකාලිකව ඉදිකළ මඩුවක තුන්සීයේ විදුලි බල්බයක් සවිකිරීමට යාමේදී විදුලි සැර වැදී යාමේ සිද්ධියක් කෑගල්ල පොලිසියෙන් වාර්තාවෙයි.
මෙම අවාසනාවන්ත සිද්ධිය වී ඇත්තේ 11 වැනිදාය.
මිය ගොස් ඇත්තේ කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.පී. ප්‍රදීප් රංජන් කුමාරසිංහ (30) නමැති උපාධිධාරී තරුණයකු බව පොලිසිය කියයි. විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී නිවසේ පිටුපස තාවකාලිකව ඉදිකළ මඩුවට විදුලි බල්බයක් දැමීමට ගොස් මෙය සිදුවී ඇති බව පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත.
විදුලිසැර වැදුණු මෙම පුද්ගලයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් කී බව පොලිසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ මොහු මාලදිවයින් රටේ මාස හයක රැකියාවක් කොට යළි ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කර ඇතැයි පොලිසිය කීය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක හා හෙට විවාහ වීමටත් ඒ වෙනුවෙන් වූ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබූ බවත් පොලිසිය කියයි.
මොහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හයවැනි ස්ථානය ලබා ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවී උපාධිය ලබාගෙන ඇත.
මිය ගිය උපාධිධාරියාගේ මරණ පරික්ෂණය ඊයේ 12 දා දහවල් කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරික්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංකා මහත්මිය ඉදිරියේ දී කෑගල්ල මහ රෝහලේ දී සිදු කෙරිණ. එහිදී විදුලි සැර වම් අතට වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට පරික්ෂිකා නිගමනය කළාය.
- චමින්ද වැවතැන්න -
Comments
Post a Comment
Your comment will be visible after approval