මැලේසියාව තුළ ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය පාලනය සදහා රට පුරා ක්‍රියාත්මක වන ලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජුවන සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා පසුගිය අගහරුවාදා  දිනයේදී තීරණය කර ඇත.
අගමැති මුහිදීත් යාසින් සිදු කළ ඉල්ලීමකට අනුව රජු මෙම තීරය ගෙන තිබේ. මෙම වසංගත ව්‍යාප්තිය එරට සොඛ්‍ය පද්ධතිය වෙත තර්ජනයක් එල්ල කිරීමේ අවදානමක් පවතීම අගමැතිවරයාගේ මෙම ඉල්ලීමට හේතු වී තිබේ.  මේ පිළිබදව අදහස් දක්වා ඇති මලේසියානු රජු ,


අද වනවිට රට තුළ COVID-I9 වසංගතයේ ව්‍යාප්තිය දරුණු මට්ටමකට පත්වෙලා. ඒ නිසා එම තත්වය පාලනය කිරීමට අනිවාර්යයෙන්ම මෙවැනි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරිම සිදු කළ යුතුව තිබෙනවා." යනුවෙන් පවසා ඇත. මෙම හදිසි තත්ත්වය ලබන අගෝස්තු 1වැනිදා දක්වා බලාත්මක වන අතර, රට තුළ වාර්තා වන නව COVID-19 ආසාදිතයන්ගේ අනුපාතයේ අඩුවීම අනුව මෙම හදිසි තත්වය ඊට පෙර ඉවත් කරනු ඇතැයි යන්න අපේක්ෂාව වී තිබේ.   මේ අතර මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත් කිරිමත් සමග එම කාලසීමාව තුළදී පාර්ලිමෙන්තුව කැදවීම මෙම දේශපාලන ක්‍රියාකාරම් සිදු කිරීමත් අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේදී අගමැති යාසින් පාලනය වෙත අස්ථාවරත්වයක් මතුව තිබූ අතර, හදිසි තත්වයක් පනවීම සඳහා ඔහුගේ මෙම මදදිහත්වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.