මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිපද වූ කොවිඩ් එන්නත ලබන මස මැද භාගයේ සිට ලබාදීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් කොරෝනා ගැන ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.


කොවිඩ් මර්දන එන්නත ලබාදීමේදී වයෝවෘද පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලැබෙන අතර, සෞඛ්‍ය අංශයට ද එන්නත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් මර්දනය සදහා නිෂ්පාදනය කර ඇති ෆයිසර් එන්නත අධික ශීත ස්ථානයක තැන්පත් කළ යුතු බැවින් එය ප්‍රායෝගිකව මෙරට තුළ භාවිතා කළ නොහැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ හේතුවෙන් දැනට ඇති වඩාත්ම සුදුසුම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වි විද්‍යාලය විසින් නිෂ්පාදනය කළ එන්නත බැවින් වෛද්‍ය අංශ මගින් ඒ බව තහවුරු කර ගත් බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.