
අන්තර්ජාලයේ දැන්වීම් පළකර සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ යෙදුණු කොට්ටාව මාලඹේ පාරේ ස්ථානයක් වටලා කළමනාකාරිය ඇතුළු පස් දෙනකු ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. සුරූපී කතුන්ගෙන් සැදුම්ලත් සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් අන්තර්ජාලයේ ආකර්ෂණීය දැන්වීම් පළකර කාලයක් තිස්සේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
විනාඩි 25ක් සඳහා රුපියල් 3500 ක් හෝ නොඑසේ නම් පැයක් ගත කිරිම සඳහා රුපියල් 5000 මුදලක් අය කරන බව දැන්වීමේ සඳහන්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. දැන්වීම් සඳහන් ඡායාරූපවලම සිටින කතුන් ලබාදෙන බවත්, තෝරාගත් කාන්තාව ඡායාරූපය පෙන්නා තහවුරු කර ගන්නා
ලෙසත්, පැයකට කලින් දුරකතනයෙන් අමතන ලෙසත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් ගම්පහ, හොරණ, අනුරාධපුරය හා ගාල්ල පදිංචි වයස අවුරුදු 22 සහ 30 අතර පසුවන්නියන් බවත් පොලිසිය කියයි. මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකරු හා ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දුන්න පුද්ගලයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කොට්ටාව පොලිසියට බාර දී ඇත.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval