
ගැබිනි මාතාවන්ට නවාතැන් පහසුකම් ලබාදෙමින් ඔවුන්ට ලැබෙන බිළිඳුන් වෙනත් පාර්ශවයන්ට විකුණන ලදැයි කියන සිද්ධියට අදාළව බන්ධනාගාර ගතව සිටි ප්‍රධාන සැකකරු ලක්ෂ 5බැගින් වූ ශරීර ඇප මත දැඩි ඇප කොන්දේසි පනවමින් නිදහස් කරන ලෙසත් ඊට සහාය දුන් සැකකාරිය පෙර ඇප මත නිදහස් කරන ලෙසත් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන්කෞෂල්‍ය මහතා ඊයේ (18) නියෝග කළේය.
මෙසේ ඇපමත නිදහස් කෙරුණේ උක්වත්ත ආරච්චිලාගේ සදේශ් මංජුල සහ එම්.ඩී.එස්. එරන්දි යන දෙදෙනාය.
දැනට රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය සහ විමර්ශන වලට සහාය ලබාදීම යන කරුණු විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්ම මහත්මීන්
ප්‍රධාන සැකකරුට පැනවූ දැඩි ඇප කොන්දේසි වනුයේ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවන ආකාරයට කටයුතු නොකිරීම, අදාළ දරුවන් වෙනත් පාර්ශවයකට ලබාදීමේ කටයුත්ත සිදු කරනු ලැබූ ගොඩනැගිල්ලට ඇතුළුවීමෙන් වැළකී සිටීම, විදේශ ගමන් තහනම ආදියයි. විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥවරියන් දෙදෙනකු වන ඉෂාරා ජයපන්ගම, අචිණි උමයංගනී මහත්මීහුද අදාළ ක්‍රියාවලිය සිදු කරගෙන ගිය බව කියන ගොඩනැගිල්ල අයිති පාර්ශවය වෙනුවෙන් නීතිඥ මධුරංග විජේරත්න මහතාද පෙනී සිටියහ.
- රේඛා තරංගනී ෆොන්සේකා -
Comments
Post a Comment
Your comment will be visible after approval