
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාවාසික සිසුවකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
එම සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා සය දෙනකුගෙන් යුතු කණ්ඩායමක සාමාජිකයකු ලෙස, ජංගම සායනික කටයුතුවල යෙදී සිටි අයකු බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප පශු වෛද්‍ය පීඨ ගොවිපොළ නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමක දී එහි ප්‍රකාශයකු සඳහන් කළේ ඇතිවී ඇති මෙම තත්වය හමුවේ නේවාසික රෝගී සතුන්ගේ සායනික කටයුතු තවදුරටත් පවත්වාගෙන යන නමුත්, ගොවිපළ සතුන් සායනික කටයුතු සඳහා ඇතුළත් කරගැනීම තාවකාලිකව නවතා ඇති බවයි.
- ධම්මික ගුණවර්ධන -
Comments
Post a Comment
Your comment will be visible after approval