
අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ ඇතුළු එම තානාපති කාර්යාලයේ 04 දෙනෙකුට කොවිඩ් -1 9 වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා අනාවරණය කරගත් බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වනවිට එම පිරිස නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබී ඇති බවද වාර්තා වේ.
ඇමෙරිකාවේ වොෂිංටන් හී ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් රවිනාථ ආර්යසිංහ මහතා නිල වශයෙන් රාජකාරි බාර ගනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදාය.
වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (11) යළි විවෘත කිරීමට නියමිත බවද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval