ඒකල නිවාසිපුර නිවෙසක් තුළ පිලිස්සීමට ලක්ව හා බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයාගේ බිරිය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 29දා පොලිස් භාරයට ගෙන ඇති බව ජා-ඇළ පොලිසිය පවසයි.
ඉකුත් 26දා උදෑසන ඒකල නිවාසිපුර අංක එස් 54 නිවෙසේ කාමරයක් තුළ ඇඳක් මත එරංග ශ්‍රී නාත්
කුරේරා (37) නමැති පුද්ගලයා පිලිස්සුම් හා බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් තිබිණි. පසුව එම
ස්ථානය නිරීක්ෂණය කළ රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප්‍රියංකර ලාල් මහතා අදාළ මළ සිරුර
පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කර තිබිණි. මේ අනුව ජා-ඇළ පොලිස්
ස්ථානයේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ බිරිය ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර තිබ්බටුමුන්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබති.
(ජා-ඇළ - ප්‍රසංග පාවුළු හේවා, කදාන - එම්.ආර්. කුමාර)
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]

Comments
Post a Comment
Your comment will be visible after approval