‘‘කොරෝනා වසංගත සඳහා පිට රටවල නිපදවන එන්නත ඇතැමුන් කියන ආකාරයට ඉල්ලූ මොහොතේම අපට ලැබෙන්නේ නැහැ’’ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01 දා) කියා සිටියේය.


මෙම එන්නත ලබා ගැනීමට ආණ්ඩුව දැනටමත් කි‍්‍රයා කර ඇතැයි කී අගමැතිවරයා අපට තිබෙන හදිසියට පසුදිනම මෙම බොහෙත් එන්නත ලබා ගැනීමට අසීරු බව ආණ්ඩුවට දොස් නඟන සමහරුන්ට නොතේරීම ප‍්‍රශ්නයක් යැයි ද කීවේය.

පිටරට එන්නතක් නිපදවූ පලියට සෞඛ්‍ය උපදෙස් නැතිව එය ලබාගත නොහැකි බව ද අගමැතිවරයා කීවේය. ඒ අනුව මෙම එන්නත ළඟදීම ශී‍්‍ර ලංකාවට ගෙන්වනු ලබන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන (දිවයින)