
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නිමාවු සිඩ්නි ටෙස්ට් තරගයේදී දක්නට ලැබුණු වර්ගවාදී සිදුවීමට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ඉල්ලීමක් කර තිබේ. ඒ ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් සමග සිදුකළ සාකච්ඡාවකදීය.
නිමාවු සිඩ්නි ටෙස්ට් තරගයේදී ඉන්දීය වේගපන්දු යවන්නන් වන මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රිත් බුම්රා පන්දු රකින් සිටියදී ප්‍රේක්‍ෂකයන්ගේ නොමනා වාර්ගික අපවාදයන්ට ලක්ව තිබිණි. අනතුරුව ඉන්දීය කණ්ඩායම මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තරග තීරක ඩේවිඩ් බූන් වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගත්තේය. එසේම සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියේ, තම වෘත්තීය ජීවිතය තුළ කිසිදු රටක කිසිදු කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කරන අතරවාරයේදී තමන් කිසිදු ආකාරයක වාර්ගික අපවාදයකට මුහුණ නොදීම භාග්‍යක් බවයි.
-පැතුම් ශ්‍රී විජේරත්න-
Comments
Post a Comment
Your comment will be visible after approval