
රජය ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති සඳහා ජනතාව සතු පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමට අදාල පන සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඉඩම් අමාත්‍යවරයා විසින් මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමට අදාල විධිවිධාන අනුගමනය කිරීම සඳහා විශාල කාලයක් ගතවීම සහ වන්දි ගෙවීමේදී සංකීර්ණ ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට සිදුවන බැවින් පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. වන්දි ගෙවීමේදී ඒකීය ක්‍රමවේදයක් භාවිතා නොකිරීමද පනත සංශෝධනය කිරීමට තවත් හේතුවකි.
ඒ අනුව ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ගතවන කාලය අවම කර ගැනීමට, සරල ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමට, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමට හැකිවන පරිදි පනත සංශෝධනය කරනු ඇත.
අදාළ කැබිනට් මාධ්‍ය සටහන

Comments
Post a Comment
Your comment will be visible after approval