
මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ
මැණික්කටුවට පහළින් කොටස මීටියාගොඩ මංසන්ධියට ගෙනැවිත් දමා ඇති බව මීටියාගොඩ පොලිසිය පවසයි.
පෙරේදා (25දා)
මීටියාගොඩ පදිංචි තරිඳු නිශාන් ගුණසේකර (24) නමැති අයෙකි. මොහු නිවෙසේ සිට මීටියාගොඩ -
බටපොළ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි රුපලාවණ්‍යාගාරයක් වෙත පැමිණ ඇත. එහිදී ඇතිවූ
බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇති බව පොලිසිය
පවසයි. නාඳුනන සිවු දෙනකුගෙන් යුත් පිරිසක් මෙකී පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී ඇති බව
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතකයන් විසින් මෙම පුද්ගලයාගේ එක් අතක මැණික් කටුව අසලින් කපා එම කොටස ඉන්ධන පිරවුම්හල අසල
සිට මීටර් 200ක පමණ දුරකට ගෙනැවිත් දමා ඇති බවද පොලිසිය පවසයි.
ගාල්ල - කමල් විජේහේවා
Comments
Post a Comment
Your comment will be visible after approval